2024 වසර සඳහා වූ අය වැය පාර්ලිමේන්තුව‍ට
2023-11-13 17:10:43
Share with:

2024 වසර සඳහා වූ අය වැය පාර්ලිමේන්තුව‍ට ඉදිරිපත් කෙරේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.අයවැය කථාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ පීලි පැන ඇඳ වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසරක කාලය තුළ යළිත් පීල්ල මත තබන්නට හැකි වූ බවය. ඒ වෙනුවෙන් ජනතාව වෙහෙසෙන විට එසේ නොකර රට ආපස්සට ඇද දැමීමට  වෙහෙසුණු ඇතැම් පිරිස් සිටි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මිත්‍යාව පැතිරීම නතර කර  රට ගැන සිතිය යුතුය. රට ශක්තිමත් වූ පසු දේශපාලන මත ගැන සිතිය හැකි බවද හෙතෙම පැවසීය.

සුරංගනා කතා පවසමින් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් කාලයක් පුරා දේශපාලන පක්ෂ ලබා දුන් ඡන්ද පොරොන්දු වල අවසන් ප්‍රතිඵලය රට බංකොළොත් වීම බව පෙන්වාදුන් ජනාධිපතිවරයා අවාසනාවකට රටේ ඇතැම් කණ්ඩායම් තවමත් මෙම තත්ත්වය අවබෝධ කරගෙන නොමැති බවත් පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම