ගෝලීය පුනරුදයේ නව පරිච්ඡේදයකට ‘එක් තීරයක් එක් මාවතක්’ ප්‍රබල සාධකයක් වනු ඇත
2023-11-13 11:02:56
Share with:

අභිමානවත් දස වසරකින් තවත් දස වසරකට පිය නඟන‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ චීනයට පමණක් නොව සෙසු රටවල සෞභාග්‍යවත් සංවර්ධනය සහතික කිරීමේ අරමුණ පෙරදැරිව ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් බවත් එහි නව ‍ප්‍රවේශයට සුභ පැතුම් එක් කරන බවත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු වැඩසටහන් අධ්‍යක්ෂ චන්දන සෙනෙවිරත්න මහතා පැවසීය. තනිව යන ගමනක් වෙනුවට සියළු පාර්ශ්වයන්ගේ එකමුතුවෙන් සාමූහික අභිලාෂයන් සාක්ෂාත් කිරීම එහි ඇති වැදගත්ම තේමාවයි. පොදු ජයග්‍රහණ සමග සෙසු රටවල්වලට පොදු ජයග්‍රහණ සහිත සරු ප්‍රතිඵල අත් කර දෙමින් ගෙවුණු දස වසරේ එය ගෝලීය ආර්ථික පුනරුදයට මනා වටිනාකමක් සපයා තිබේ.

චීන ජනපති ෂී ජින්පිං මහතා ගේ සංකල්පයෙන් 2013 වසරේ ඇරඹි‘එක් තීරයක් එක් මාවතක්’ව්‍යාපෘතිය ක්‍රමයෙන් සක්‍රීය ජගත් සහයෝගතා තහවුරු කර ඇති බව පෙනේ. එහි ඇති විධිමත් සැලසුම් සහ නිසි දර්ශනය යථාර්ථයක් කරමින් අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, මහා මාර්ග, ගුවන් තොටුපොළ හා වරාය යනාදී බහුවිධ ව්‍යාපෘති මෙන්ම විවිධ සේවා සමග ගොඩබිමින්, මුහුදෙන්, අහසින් සහ අන්තර්ජාලයෙන් පවා සම්බන්ධ වෙමින් සෙසු රටවල වෙළඳපොළ සක්‍රීයත්වයට, අරමුදල් සම්පාදනයට, තාක්ෂණ හා පිරිස් හුවමාරුවට මනා සහායක් චීනය විසින් අත් කර දී ඇත.

‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළට අදාළ රටවල් රැසක නායකයන්, විවිධ රාජ්‍යතාන්ත්‍රිකයන් සහ ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන් ඇතුළු පිරිසක් බෙයිජිං හි පැවති තුන් වන සංසදයට එක් වීමෙන් එහි සාර්ථකත්වය මනාව පැහැදිලි වේ.

“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ මගින් ක්‍රියාත්මක ඒකාබද්ධ සංවර්ධනය, ඉතිහාසයට මෙන්ම වර්තමානයටද ගැළපෙන සාධාරණ හා යුක්ති සහගත ප්‍රවේශයක් බව ගෙවීගිය දශකය තුළින් පිළිබිඹු වී ඇති බව ෂී ජින්පිං මහතා එහි සමාරම්භක උත්සවයේදී පවසා තිබේ. උසස් ගුණාත්මකභාවයෙන් යුතු“එක් තීරයක් එක් මාවතක්”සංවර්ධන ක්‍රියාවලියේදී චීනයේ සහයෝගය හිමිවන මෙහෙයුම් අටක් චීන ජනාධිපතිවරයා මෙහිදී ඉදිරිපත් කළේය. එය ඉදිරි කාලපරිච්ඡේදයේ නව මෙහෙයුම් සමග ‍රටවල් රැසකට සුභවාදී ප්‍රතිඵල රැසක් ගෙන එමින් ගෝලීය පුනරුදයේ නව පරිච්ඡේදයකට එක් තීරයක් එක් මාවතක් ප්‍රබල සාධකයක් වනු ඇතැයි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු වැඩසටහන් අධ්‍යක්ෂ චන්දන සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම