චීන පකිස්තාන ඒකාබද්ධ මුහුදු යුද අභ්‍යාසය ඇරඹේ
2023-11-13 14:07:00
Share with:

 

‘මුහුදු ආරක්ෂක --3’ චීන පකිස්තාන ඒකාබද්ධ මුහුදු යුද අභ්‍යාසය පසුගියදා(11) පකිස්තානයේ Karachi නග‍රයේ ආරම්භ විය. මෙවර යුද අභ්‍යාසය කලාපීය තත්ත්වයට අදාල නොවන අතර කිසිදු තුන්වන පාර්ශ්වයකට එරෙහි නොවන බව ද ප්‍රකාශ කර ඇත.

‘මුහුදු ආරක්ෂක --3’යුද අභ්‍යාසයේ අරමුණ වන්නේ චීන පකිස්තාන ආරක්ෂක සහයෝගතා පුළුල් කරමින් දෙරට අතර අංගසම්පූර්ණ උපායමාර්ගික සහයෝගතා හවුල්කාරීත්වය තහවුරු කිරීමය. යුද අභ්‍යාසය 11වනදා සිට 17 වනදා දක්වා අරාබි මුහුදේ උතුරු කලාපයේ ගුවන් හා මුහුදු කලාපවල සිදු කිරීමට නියමිතය. වරායන්හි හුවමාරු හා මුහුදුවල ඒකාබද්ධ අභ්‍යාසය යන අදියර දෙකක් යටතේ එය සිදු කෙරේ. මෙහිදී දෙපාර්ශ්වය ප්‍රථම වරට මුහුදේ ඒකාබද්ධ මුර චාරිකාවක නිරත වීමට ද නියමිත ව තිබේ.

චීනයේ හා පකිස්තානයේ නාවික හමුදාවන් ‘මුහුදු ආරක්ෂක’ ඒකාබද්ධ මුහුදු යුද අභ්‍යාසය මෙහෙයවීමේ තුන්වන අවස්ථාව මෙයයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම