ඇමරිකාව චීනය සමඟ සැබෑ ප්‍රායෝගික හා තාර්කික සංවාද පවත්වනු ඇතැයි චීනයේ අපේක්ෂාවයි
2023-11-13 11:00:59
Share with:

පසුගිය 10 වනදා බෙයිජිං නගරයේදී Philadelphia සංධ්‍වනි වාද්‍ය වෘන්දය චීන සංචාරයේ 50 වන සංවත්සරය සැමරීම සඳහා ප්‍රසංගයක් පැවැත්විණ.

චීන-ඇමරිකා රාජ්‍ය නොවන හුවමාරු උණුසුම් වීමත් සමඟ රාජ්‍ය නිල හුවමාරු ද කඩිනම් කෙරෙමින් පවතී. විදේශ ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා කිරීම, නව වටයේ ආර්ථික හා වෙළඳ සංවාදය පැවැත්වීම ඇතුළු චීනය හා ඇමරිකාව අතර පැවති අදහස් හුවමාරු හා සංවාද මාලාව ද්විපර්ශ්වික සබඳතාව ස්ථාවර කිරීම සඳහා ධනාත්මක සංඥා නිකුත් කර ඇත. එමෙන්ම එය එළඹෙන චීන-ඇමරිකා ජනාධිපතිවරුන්ගේ San Franciscoහි හමුවීම සඳහා පදනමක් ලබා දී තිබේ.

මෙය පහසු හමුවීමක් නොවෙයි. මේ සඳහා ‘ඇමරිකාව දෙරටේ නායකයන් බාලි දූපත් හමුවේදී ලබා ගත් පොදු එකඟතාවන් සැබවින්ම ක්‍රියාවට නැංවීම’ අවශ්‍යතාවයකි. පසුගිය වසරේ චීන-ඇමරිකා සබඳතාව අසීරුතාවන්ට මුහුණ දීමට හේතුව වූයේ අදාළ එකඟතාව ක්‍රියාත්මක නොකිරීමයි. ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken පසුගිය ජුනි මාසයේදී චීනයේ සංචාරය කිරීමෙන් පසු ඇමරිකාව චීන-ඇමරිකා සබඳතා ලිහිල් කිරීමේ සංඥාවක් ද පෙන්නුම් කර ඇත. චීනයට පීඩාකාරී ප්‍රහාර එල්ල කිරීම අසාර්ථක බව ඇමරිකාව අවබෝධ කරගත යුතු ය. ඇමරිකාව දෙරටේ නායකයන් බාලි දූපතේ හමුවේදී ලබා ගත් පොදු එකඟතාවන් සැබවින්ම ක්‍රියාවට නැංවිය යුතුය.

San Francisco හි හමුවීම හරහා චීන-ඇමරිකා දෙරට අතර තවදුරටත් නිවැරදි ඉහළ අන්‍යෝන්‍ය අවබෝධයක් ලබා ගනු ඇතැයි මුළු ලෝකයේ අපේක්ෂාවයි. චීන -ඇමරිකා හවුල්කාරී රටවල් දෙකක් විය යුතු බවත් ප්‍රතිවාදියන් නොවිය යුතු බවත් චීනය විශ්වාස කරයි. එහෙත් ඇමරිකාවේ ආකල්පය වන්නේ “ චීනය සිය විශාලතම උපාය මාර්ගික ප්‍රතිවාදියෙකු” බවයි. කෙසේවූවද පසුගිය දා අවසන් වූ 6 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේදී  ඇමරිකාව ෆෙඩරල් රජයේ නිල නාමයකින් ප්‍රදර්ශනයට සහභාගී වූ අතර ඇමරිකානු සමාගම් 200 කට වැඩි සංඛ්‍යාවක් වාර්තාගත ප්‍රමාණයෙන් එම ප්‍රදර්ශනයට සහභාගී වී ඇත. චීන-ඇමරිකා අවශ්‍යතා ගැඹුරින් ඒකාබද්ධ වීම ඉන් පිළිබිඹු වේ.

මෙවර චීන- ඇමරිකා San Francisco හි හමුවීම මගින් සිය අවංක භාවය මෙන් ම චීන-ඇමරිකා සබඳතාව, ලෝක සාමය හා සංවර්ධනය කෙරෙහි චීනය දක්වන ඉහළ මට්ටමේ වගකීම පිළිබිඹු කෙරේ. රාජ්‍ය හා ජනතා ජයග්‍රහණ මෙන්ම ලෝකයට වගකිව යුතු ආකාරයෙන් සිට ඇමරිකාව චීනය සමඟ සැබෑ ප්‍රායෝගික හා තාර්කික සංවාද පවත්වනු ඇතැයි චීනය අපේක්ෂා පළ කරයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම