චීන-දකුණු ආසියානු වෙළඳාම සඳහා නව කොරි‍ඩෝවක්
2023-11-13 18:42:26
Share with:

චීන-දකුණු ආසියානු වෙළඳාම සඳහා නව කොරි‍ඩෝවක් වන Lizi දේශසීමා දොරටුව අද(13) නිල වශයෙන් විවෘත කෙරිණ. ටි‍බෙට් ස්වායත්තයේ Shigatse නගරයේ Zhongba කෝරළයේ Yare ප්‍රදේශයේ පිහිටි Lizi දේශසීමා දොරටුව මීටර් 4500ක උන්නතාංශයක පවතී. Lizi දේශසීමා දොරටුවේ සිට නේපාලයේ Kathmandu අගනුවර හා නේපාලයේ වැදගත් නගරයක් වන Pokhara අතර දුර ප්‍රමාණය වෙන් වෙන් ම කිලෝමීටර් 452ක් හා කිලෝමීටර් 251කි.

දකුණු ආසියාව සඳහා විවෘත කොරිඩෝවක් හා Himalaya ප්‍රදේශයේ ආර්ථික සහයෝගිතා තීරය ගොඩනැගීම හා අධික ගුණාත්මක භාවයෙන් යුතු එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල පොදුවේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් Lizi දේශසීමා දොරටුව විවෘත වීම වැදගත් ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම