ලාබ ඉපැයීම සඳහා හම්බන්තොට වරායට වැඩසටහන් රැසක්
2023-11-13 17:11:51
Share with:

ලාබ ඉපැයීම සඳහා හම්බන්තොට වරායට වැඩසටහන් රැසක් හඳුන්වාදීමට පියවර ගන්නා බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ හම්බන්තොට වරායෙන් සියයට 15ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වුව ද මෙතෙක් ඉන් ලාබ ඉපැයීමක් සිදුව නොමැති බවය.

එබැවින් වරායෙන් ආදායම ලබාගැනීම සඳහා වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමට වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව, හම්බන්තොට වරාය තුළ බහාලුම් ප්‍රතිඅපනයනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේය.

විශේෂයෙන් ඉන්දියන් සාගරයේ යාත්‍රා කරනු ලබන නෞකාවන් හම්බන්තොට හා කොළඹ වරායන් වෙත ආකර්ශනය කරගැනීමට සක්‍රීය වැඩපිළිවෙළක් හඳුන්වාදීමට ද නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා වරාය අධිකාරියට උපදෙස් දී තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම