චීන සහ ඇමරිකානු රාජ්‍ය නායකයින් ගැඹුරු සන්නිවේදනයක් සිදු කරනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශය පවසයි
2023-11-13 19:57:40
Share with:

චීන ජනපති ඇමරිකානු ජනපති ඇරයුමින් පැවැත්වීමට නියමිත ද්වීපාර්ශ්වික  නායක හමුවේදී චීන-ඇමරිකා සබඳතා මෙන්ම, ලෝක සාමය හා සංවර්ධනය පිළිබඳ ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් දෙරටේ නායකයින් ගැඹුරු සන්නිවේදනයක් සිදු කරනු ඇති බව  චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය  ප්‍රකාශ කරයි.

චීනය සැමවිටම චීන-ඇමරිකා සබඳතා සම්බන්ධයෙක් ක්‍රියා  කර ඇත්තේ, ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් යෝජනා කරන ලද, අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ ජයග්‍රාහී සහයෝගීතාව යන මූලධර්ම තුනට අනුකූලවය. චීනය තරඟකාරීත්වයට බිය නොවන නමුත්, චීන-ඇමරිකා සබඳතා තරඟයක් ලෙස  නිර්වචනය කිරීම පිළිනොගනී. චීනය ඇමරිකාව වෙනස් කිරීමට උත්සාහ නොකරන අතර, ඇමරිකාව චීනය හැඩගැස්සවීමට හෝ වෙනස් කිරීමට උත්සාහ නොකළ යුතු බව Mao Ning මහත්මිය සඳහන් කළා ය.

තායිවාන ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුතු ය. "තායිවානයේ බෙදුම්වාදී බලවේගයට" සහාය නොදක්වන බවට පැහැදිලිවම ප්‍රකාශ කරන ඇමරිකාව, නිශ්චිත ක්‍රියාමාර්ග  අනුගමනය කරමින් ඊනියා "තායිවාන ස්වාධීනත්ව උත්සාහයට" විරුද්ධ විය  යුතු බව, Mao Ning මහත්මිය අවධාරණය කළා ය.

දකුණු චීන මුහුදේ ප්‍රශ්නයේ සැබෑ තත්වය සහ මේ පිළිබඳ චීනයේ ප්‍රතිපත්තිමය ස්ථාවරය, චීනය බොහෝ අවස්ථාවල පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. චීනය සහ අදාළ රටවල් අතර භෞමික සහ සමුද්‍රීය අයිතිවාසිකම් සහ අවශ්‍යතා පිළිබඳ ආරවුල්වලට මැදිහත් වීම ඇමරිකාව නතර කළ යුතු බවත්, ඇමරිකාව අදාළ ගැටළු භාවිත කරමින් චීනයට මැදිහත් නොවිය යුතු බවත්, Mao Ning මහත්මිය සඳහන් කළා ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම