චීන-ඇමරිකානු සබඳතාව ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරටේ නායකයන්ගේ පොදු එකඟතා ක්‍රියාත්මක කළ යුතු බව මත විමසුමකට එක්වූ බහුතර පිරිසක් පවසති
2023-11-13 15:22:33
Share with:

චීන-ඇමරිකානු සබඳතාවේ ‍හිතකර හා ස්ථාවර සංවර්ධනයක් පවත්වා ගැනීම සඳහා දෙරටේ නායකයන්ගේ පොදු එකඟතා ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යන්තර විමසුමකට එක්වූ පුද්ගලයින්ගෙන් 86% ක පිරිසක් විශ්වාස කරති. චීන මාධ්‍ය සමූහයේ CGTN නාලිකාව මෑතකදී එම විමුසම සිදු කළේය.

එම සබඳතාව ප්‍රවර්ධනය කිරීම සඳහා වචනවලට වඩා, දෙරටේ නායකයන් බාලිහි පැවති හමුවේදී පැමිණි එකඟතා ක්‍රියාත්මක කළ යුතු බව බහුතර පිරිසක් අදහස් කරති. පසුගිය ජූලි මාසයේ සිදු කෙරුණු මත විමසුමට වඩා, එම මතය දරන අයගේ අනුපාතය 4.1% කින් වැඩිවී තිබේ.

මෙවර මත විමසුම CGTN හි ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි සහ රුසියානු යන භාෂාවලින් නිකුත් කර ඇත. පැය 24ක් ඇතුළත, 10,000 කට වැඩි පිරිසක් එහිදී  සිය මතය ප්‍රකාශ කළහ. මෙම වසරේ පෙබරවාරි, ජූලි සහ නොවැම්බර් මාසවලදී, චීන-ඇමරිකානු සබඳතාව පිළිබඳව CGTN ගෝලීය මාර්ගගත විමසීම් තුනක් නිකුත් කර ඇති අතර, ලොව පුරා 70,000 කට අධික පිරිසක් මෙම මත විමසුමට එක්වූහ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම