චීන ජනාධිපති Philadelphia සංධ්‍වනි වාද්‍යවෘන්දය වෙත යොමු කළ පිළිතුරු ලිපියට ඉහළ ප්‍රතිචාර
2023-11-13 10:33:19
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය දා Philadelphia සංධ්‍වනි වාද්‍ය වෘන්දයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Matías Tarnopolsky මහතා වෙත පිළිතුරු ලිපියක් යොමු කළේය. එම පිළිතුරු ලිපිය ජාත්‍යන්තර ප්‍රජාව අතර ඉහළ ප්‍රතිචාරයන්ට ලක්ව තිබේ.

සංගීතය යනු ප්‍රබල බලවේගයක් බව Matías Tarnopolsky මහතා පැවසීය. ෂී ජින් පිං මහතාගේ පිළිතුරු ලිපිය තමන්ට විශාල දිරිගැන්වීමක් බවත්, සංස්කෘතික හුවමාරුව සහ අන්‍යෝන්‍ය ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම සඳහා තමන් මෙම මෙහෙයුම දිගටම කරගෙන යන බවත් ඔහු පැවසීය.

බි‍්‍රතාන්‍ය ජාත්‍යන්තර සම්බන්ධතා උපදේශක Keith Bennett මහතා පැවසුවේ, ජනාධිපති ෂී ජින් පිං මහතාගේ පිළිතුරු ලිපිය නැවත වරක් පෙන්නුම් කරන්නේ ඔහු ඇමරිකාව ඇතුළු ලොව පුරා රටවල් සමඟ සංස්කෘතික හුවමාරුව සහ මිනිසුන් අතර මිත්‍රත්වය වැඩි දියුණු කිරීම සඳහා විශාල වැදගත්කමක් ලබා දෙන බවයි.

මෙක්සිකෝවේ Guadalajara විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විශේෂඥයෙකු වන Jaime Tamayo මහතා පැවසුවේ, ජනාධිපති ෂී ජින් පිං මහතාගේ පිළිතුරු ලිපිය ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමේදී චීන-ඇමරිකානු පුද්ගල හුවමාරුවේ වැදගත්කම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ජාත්‍යන්තර ප්‍රජාවට ලබා දුන්නා පමණක් නොව, විවිධ කලා ආකෘතීන් සහ සංස්කෘතික අනන්‍යතා සඳහා චීනයේ ඉවසීම සහ ගෞරවය ද පෙන්නුම් කර ඇති බවයි. එසේම, එය චීනයේ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම් ක්‍රියාවට නැංවීමේ විචිත්‍රවත් ප්‍රකාශනයකි.

1973 වසරේදී සැප්තැම්බර් මාසයේ දී Philadelphia සංධ්‍වනි වාද්‍ය වෘන්දය ප්‍රථම වරට චීනයට පැමිණි අතර, චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු පැමිණි පළමු ඇමරිකානු වාද්‍ය වෘන්දය බවට එය පත්විය. මේ අතර, Philadelphia සංධ්‍වනි වාද්‍ය වෘන්දයේ චීන සංචාරයේ 50 වැනි සංවත්සරය සැමරීමේ ප්‍රසංගයක් පසුගිය 10වැනිදා චීනයේ බෙයිජිං හිදී පැවැත්විණ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම