චීනයෙන් ශ්‍රී ලංකා පොලීසියට යතුරු පැදි හා පරිගණක ප්‍රදානයක්
2023-11-12 16:11:56
Share with:

චීන රජය විසින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ලබාදුන් රනොමොටෝ වර්ගයේ යතුරු පැදි 26 ක් සහ ලෙනෝවෝ වර්ගයේ ඩෙස්ක්ටොප් පරිගණක 100 ක් නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර කෙරේ. එම ප්‍රදානය 10 වැනිදා ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සම්බන්ධීකරණය යටතේ, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විසින් ශ්‍රී ලංකාවේ වීන තානාපති Qi Zhenhong මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පහසුව උදෙසා මෙම ප්‍රදානය සිදුකෙරිණ. ඊට අදාළ ලිපිලේඛන චීන තානාපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදෙනු ලැබීය.

චීන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු පොලිස් දෙපාර්තමේත්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම