"11-11" මිල දී ගැනීම් චීනයේ භාණ්ඩ බෙදාහැරීමේ පරිමාව වාර්තාගත ඉහළ නංවයි
2023-11-12 15:45:35
Share with:

ඔක්තෝබර් මස අග සිට නොවැම්බර් මස මැද දක්වා පැවති "11- 11"  මාර්ගගත සාප්පු සවාරි සැණකෙළියේ දී චීනයේ ශීඝ්‍රගාමී භාණ්ඩ බෙදාහැරීමේ සේවා වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණෙයි. චීන රාජ්‍ය තැපැල් කාර්යාංශය අද (12) මේ බව නිවේදනය කළේය.

එම වාර්තාවන්ට අනුව, නොවැම්බර් මාසයේ මුල් දින 11 තුළ, රට පුරා සීඝ්‍රගාමී භාණ්ඩ බෙදාහැරීමේ සේවාවන් මගින් පාර්සල් බිලියන 5.26 ක් පමණ එක්රැස් කර ඇත. එය පෙර වසරට වඩා 23.22% ක වැඩි වීමකි.

 11 වැනිදා පමණක් රැස් කර ඇති පාර්සල් ගණන මිලියන 639 කි. එම අගය සාමාන්‍ය ව්‍යාපාරික පරිමාව මෙන් 1.87 ගුණයක් වන අතර, එය වසරින් වසර 15.76 % කින් ඉහළ ගොස් ඇත.

චීනයේ නැගී එන ශීඝ්‍රගාමී භාණ්ඩ බෙදාහැරීමේ සේවා, පාරිභෝගික වෙළඳපොළ පුළුල් සහ ප්‍රකෘතිමත් සහ  කිරීමට දායක වන අතර, එමගින් චීන ආර්ථිකයේ ජවය සහ ශක්තිය මැනැවින් පිළිබිඹු කෙරෙන බව චීන රාජ්‍ය තැපැල් කාර්යාංශය කියාසිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම