2024 අයවැය හෙට (13) පාර්ලිමේන්තුවට
2023-11-12 16:20:54
Share with:

ලබන වසර  සඳහා වන අයවැය හෙවත් විසර්ජන පනත් කෙටුම්පත හෙට (13) දහවල් 12.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. මුදල් ඇමතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය ඉදිරිපත් කරනු ඇත.

අයවැය දෙවැනි වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය 14 වැනිදා  ආරම්භ කෙරේ. එය ලබන 21 වැනිදා දක්වා පැවැත්වෙන බව  පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. දෙවැනි වර කියවීමට අදාළ ඡන්ද විමසීම ලබන 21 වැනිදා සවස පැවැත්වීමට නියමිතය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 22 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා  පැවැත්වීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. අයවැය තෙවැනි වර  කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනිදා පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම