චීනයේ මෙම වසරේ වාර්ෂික ධාන්‍ය නිමැවුම නව ඉහළ මට්ටමක් කරා
2023-11-12 16:07:36
Share with:

චීනයේ මෙම වසරේ වාර්ෂික ධාන්‍ය නිමැවුම නව ඉහළ මට්ටමක් කරා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

චීන කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යාංශය මේ බව නිවේදනය කළේය. මෙවර සරත් සෘතුවේ ධාන්‍ය අස්වනු ප්‍රගතිය 96.2% ක් දක්වා ළඟා වූ අතර, සමස්තයක් වශයෙන් සරු අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බව වාර්තා විය.

මේ වසරේ ධාන්‍ය නිෂ්පාදනයේ දී චීනය ඇතැම් ප්‍රදේශවල පැවති ගංවතුර හා නියඟ වැනි ව්‍යසන අභියෝග ජයගෙන තිබේ. මේ නිසා වාර්ෂික ධාන්‍ය නිෂ්පාදනය නව ඉහළ මට්ටමකට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව එම අමාත්‍යාංශය හෙළි ‍කළේය.

මේ වන විට, චීනයේ විවිධ ප්‍රදේශවල සරත් හා ශීත ඍතු වගාවන් විධිමත් අයුරින් සිදු කෙරේ. නොවැම්බර් 10 වැනිදා වන විට, රට පුරා ශීත ඍතු තිරිඟු වැපිරීම සැලසුම් කළ වගා භූමි ප්‍රමාණයෙන් 90% කට වඩා ප්‍රමාණයක් අවසන් කර ඇත. වැඩිදියුණු කෙරුණු බීජ හා නවීන ක්‍රමවේද මගින් වැපිරීමේ ගුණාත්මකභාවය ද මනාව සහතික කොට තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම