ශ්‍රී ලංකාව ආලෝකයෙන් පිරි සංවර්ධන මාවතට ක්‍රමයෙන් අවතීර්ණ වෙමින් සිටින බව ජනපති කියයි
2023-11-12 16:57:02
Share with:

ශ්‍රී ලංකාව ඉකුත් වසර දෙකක මුහුණ දුන් අඳුරු කාල පරිච්ඡේදය අවසන් කර, ආලෝකයෙන් පිරි සංවර්ධන මාවතට ක්‍රමයෙන් අවතීර්ණ වෙමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දීපාවලී උත්සවය නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටී. සශ්‍රීකත්වයේ පහන් එළි දල්වා ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මාවතට ගෙන ඒමටත්, ජනවර්ග අතර සාමය, සංහිඳියාව හා සදාකාලික සහජීවනයෙන් යුතු අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරීමටත් මෙවර දීපවාලි සැමරුම ආශිර්වාදයක් වනු ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

සුබ දීපාවලි සැමරුමකට ශ්‍රී ලංකාවාසී සහ ලොවපුරා සියලු හින්දු බැතිමතුන්ට ශුභාශිංසන පිරිනමන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම