ලබන වසරේ නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ඇරඹීමට රජය සැලසුම් කරයි
2023-11-11 16:38:14
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ, නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් 2024 වසරේ දී ඇරඹීමට රජය සැලසුම් කර ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි. හෙතෙම මේ බව කියාසිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’මැයෙන් ඊයේ (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

නව ක්‍රීඩා විශ්වවිද්‍යාලය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනක් පමණ වැය වනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක අනුමැතිය ලබාගැනීමෙන් පසු 2024 වසරේ පළමු කාර්තුව තුළ එහි වැඩකටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු කියාසිටියේය.

මේ අතර, ක්‍රීඩා සම්මේලනවල පැන නගින ගැටළුවලට කල්තියා විසඳුම් සෙවීම සඳහා අදාළ නිලධාරීන් ක්‍රීඩා අමාත්‍යාංශය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවා සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම