බඩඉරිඟු වගා ව්‍යාපෘතිය සඳහා සියලු පොහොර නොමිලේ
2023-11-11 17:07:42
Share with:

අක්කර 40,000 ක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතිය සඳහා ගොවීන්ට යුරියා පොහොර නොමිලේ ලබාදීමට අමතරව මඩ පොහොර (TSP) සහ බණ්ඩි පොහොර (MOP) ද නොමිලේ ලබාදීමට පියවර ගැනේ.  බිම් සැකසීම සඳහා අවශ්‍ය මූලික වියදම් සඳහා අවශ්‍ය මුදල් අයකර ගැනීමකින් තොරව ලබාදීමට ද තීරණය කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව වැඩසටහන මගින් දිස්ත්‍රික්ක පහක අක්කර 40,000 ක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතිය මෙම මහ කන්නයේ දී ආරම්භ කරනු ලැබීය. ඒ අනුව අනුරාධපුර, හම්බන්තොට, බදුල්ල, මොනරාගල, අම්පාර යන දිස්ත්‍රික්ක පහේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත. ඊට දායකත්වය සපයන ගොවීන් සංඛ්‍යාව 23,000 කි. මෙම වගා සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8000 ක් මේ වනවිට බෙදාහැර තිබේ.

මෙම වැඩපිළිවෙළ සඳහා ලෝක බැංකුවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල මගින් ණය ආධාරයක් ද ලබා දී තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම