අරාබි-ඉස්ලාම් රාජ්‍ය නායකයන්ගේ ඒකාබද්ධ විශේෂ සමුළුව අද (11) රාත්‍රියේ රියාද් නුවර දී
2023-11-11 15:53:52
Share with:

ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය අරාබි-ඉස්ලාම් රාජ්‍ය නායකයන්ගේ ඒකාබද්ධ විශේෂ සමුළුව පැවැත්වීමට කටයුතු සූදානම් කරයි. එම සමුළුව අද (11) පස්වරුවේ අරාබියේ රියාද් අගනුවර දී පැවැත්වීමට නියමිත බව සෞදි අරාබි විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

සෞදි අරාබි‍ විදේශ ඇමති Faisal bin Farhan Al Saud මහතාගේ ප්‍රධානත්වයෙන් ඉස්ලාම් සහයෝගිතා සංවිධානයේ විදේශ ඇමතිවරුන්ගේ සමුළුව ඊයේ (10) රාත්‍රී පැවැත්විණ. ඉස්ලාම් සහයෝගිතා සංවිධානය අරාබි-ඉස්ලාම් රාජ්‍ය නායකයන්ගේ ඒකාබද්ධ විශේෂ සමුළුව අද (11) පැවැත්වීමට එහිදී තීරණය කර ඇත. එම නායක සමුළුව ප්‍රධාන වශයෙන් ගාසා තීරයේ තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇත.

පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් පැවැත්වෙන ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ සමුළුවට ඉරාන ජනාධිපති Ebrahim Raisi මහතා සහභාගි වනු ඇති බවට මීට පෙර මාධ්‍ය වාර්තා පළවිය. ඉරානය හා සෞදි අරාබිය රාජ්‍යතාන්ත්‍රික සබඳතා විධිමත් ලෙස යථා තත්ත්වයට පත්කිරීමෙන් පසු ඉරාන ජනාධිපතිවරයෙකු සෞදි අරාබියට යන පළමු අවස්ථාව මෙය වේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම