චීන උපඅගමැති සහ ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරිය අතර සාකච්ඡාවේ දී එකඟතා රැසක්
2023-11-11 15:21:07
Share with:

චීන උපඅග්‍රාමාත්‍ය, චීන - ඇමරිකානු ආර්ථික හා වෙළඳ කටයුතු පිළිබඳ චීන පාර්ශ්වයේ ප්‍රධානි He Lifeng මහතා ඇරයුමක් අනුව නොවැම්බර් 8 වැනිදා සිට 12 වැනිදා දක්වා, ඇමරිකාවේ නිල සංචාරයක නිරත ව සිටී. එම කාලය තුළ ඔහු ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් Janet L.Yellen මහත්මිය සමඟ සාකච්ඡා කිහිපයක් පැවැත්වීය.

චීනය තුළ ඇමරිකානු ද්වි-මාර්ග ආයෝජන සීමා කිරීම්, චීන සමාගම්වලට එරෙහිව පනවා ඇති සම්බාධක, මර්දනය කිරීම්, අපනයන පාලන සහ අමතර තීරුබදු සම්බන්ධයෙන් චීනය සිය කනස්සල්ල පැහැදිලිව ප්‍රකාශ කර ඇති අතර, ඇමරිකාවට ඊට නිශ්චිත ක්‍රියාමාර්ග ඔස්සේ ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය බව He Lifeng මහතා මෙහිදී පැවසීය. මෙම සාකච්ඡා අවංක, ප්‍රායෝගික සහ පුළුල් අයුරින් පැවැත්විණ. සන්නිවේදනය ශක්තිමත් කිරීමටත්, වෙනස්කම් කළමනාකරණය කරමින් ගැටළු උත්සන්න වීමට හේතු වන වරදවා වටහාගැනීම් සහ අහඹු නොසන්සුන්තා වැළැක්වීමටත් දෙපාර්ශ්වය  එහිදී පුළුල් එකඟතාවකට පැමිණියේය. ආර්ථික වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය සහ අධීක්ෂණය හා කළමනාකරණය යනාදී ක්ෂේත්‍රවල පොදු අභියෝගවලට මුහුණ දීම සඳහා එක්ව කටයුතු කිරීමට ද එකඟතාව පළ විය. දේශගුණික විපර්යාස ආශ්‍රිත ආර්ථික ගැටළු සහ, අඩු ආදායම්ලාභී හා නැගී එන ආර්ථිකයන් මුහුණ දෙන ණය ගැටළු සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට ද මෙහිදී තීරණය කෙරිණ. එසේම, ජාත්‍යන්තර මූල්‍ය රාමුව ශක්තිමත් කිරීමටත්, බහුපාර්ශ්වික සංවර්ධන බැංකු සෑම අතින්ම වඩා ඵලදායී තත්ත්වයට  පත්කිරීම සඳහා කඩිනම් ප්‍රතිසංස්කරණ සම්මත කිරීමටත් චීන - ඇමරිකානු දෙපාර්ශ්වයම එකඟ විය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම