ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන 5 ක වාර්ෂික ලාභාංශ මහා භාණ්ඩාගාරයට
2023-11-11 16:46:11
Share with:

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන 5 ක වාර්ෂික ලාභාංශ ලෙස රුපියල් මිලියන 925 ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර කෙරේ. එම මුදල ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී භාරදෙනු ලැබීය.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් රුපියල් මිලියන 350ක්, සීමාසහිත ලංකා පොස්පේට් සමාගමෙන් රුපියල් මිලියන 300 ක්, බී.සී.සී. සමාගමෙන් රුපියල් මිලියන 100 ක්, ජාතික ලුණු සමාගමෙන් රුපියල් මිලියන 100 ක් සහ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවෙන් රුපියල් මිලියන 75 ක් ලෙස වාර්ෂික ලාභාංශ මුදල වූ රුපියල් මිලියන 925 ක් මෙලෙස මහා භාණ්ඩාගාරයට පිරිනමා තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම