චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව දෙරටේ පමණක් නොව කලාපීය සමෘද්ධියට ද ඉවහල් ව ඇතැයි පාකිස්ථාන අගමැති කියයි
2023-11-11 17:00:27
Share with:

"එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම, ලෝකය වෙනස් කිරීමට ශක්තිමත් බලයට වඩා ආර්ථික සංවර්ධනය මත රඳා පවතින බව පාකිස්ථාන අගමැති Anwar ul Haq Kakar මහතා පවසයි.

ඔහු මේ බව කියාසිටියේ, පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී ය.

"එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීමේ ක්‍රියාදාමයේ වැදගත් සහයෝගිතා හවුල්කරුවකු බවට පත්වීමට පාකිස්ථානය බලාපොරොත්තු වන බව අගමැතිවරයා කියාසිටී. මෙය පාකිස්ථානයට ඓතිහාසික අවස්ථාවක් යැයි ද ඔහු සඳහන් කළේය.

චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝව යනු චීන-පාකිස්තාන සබඳතාවල සන්ධිස්ථානයක් වන අතර, එය මීට වසර 10 කට පෙර පාකිස්ථානය අත්පත් කරගත් සංවර්ධන අවස්ථාවකි. “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ වැදගත් නියමු ව්‍යාපෘතියක් වන එය, ක්‍රියාවට නංවා දශකයක් තුළ ක්‍රමානුකූල දැක්මක් සහිත යථාර්ථයක් බවට පත් ව තිබේ. චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝව උසස් සංවර්ධනයේ නව අදියරකට පිවිස ඇති අතර, එය දෙරටේ මෙන්ම කලාපීය සාමය හා සමෘද්ධිය සඳහා ඉහළ දායකත්වයක් ලබා දී ඇතැයි ද Kakar මහතා එහිදී පෙන්වා දුන්නේය.

ගෝලීය වශයෙන් හෝ කලාපීය වශයෙන් වේවා, "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ ‍‍මගින් තනි සංස්කෘතික අනන්‍යතාවක් නිර්මාණය කිරීම චීනයේ කැමැත්ත නොවේ. එම වැඩපිළිවෙළේ ඇති විශාලතම ප්‍රතිලාභය වන්නේ, එය ඇතුළත්භාවය සහ වෙනස්කම් ගරු කිරීම නිසා වෛරී සහගත හැඟීම් ඇතිනොවීම බව ද Kakar මහතා පැහැදිලි කළේය.

ෂී ජින්පිං ජනාධිපතිවරයා පුළුල් මනසක් ඇති ප්‍රඥාවන්තයෙකු බවත් එතුමාගේ නායකත්වයෙන් තවදුරටත් පුළුල් මගපෙන්වීමක් අප ලබා ගත යුතු බවත් පාකිස්ථාන අගමැති Kakar මහතා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම