6 වැනි පැරිස් සාම සංසදය ‘තරගකාරී ලෝකයේ සමානාත්මතාව සොයා’
2023-11-11 17:27:34
Share with:

6 වැනි පැරිස් සාම සංසදය ඇරඹේ.

දෙදින සංසදය ඊයේ (10) ප්‍රංශයේ පැරිස් නුවර දී ඇරඹිණ. ‘තරගකාරීත්වයෙන් යුතු ලෝකයේ සමානාත්මතාව සොයාගැනීම’ යන ප්‍රධාන තේමාව යටතේ පැවති එම සංසදයට ප්‍රංශ ජනාධිපති Emmanuel Macron, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අධිපති Jin Liqun යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නායකයෝ සහ ජාත්‍යන්තර සංවිධානවල මෙන්ම මූල්‍ය ආයතනවල ප්‍රධානීහු එක්වූහ. දේශගුණ විපර්යාසය, වඩාත් සාමකාමී හා සුරක්ෂිත ලෝකයක් ගොඩනැංවීම ඇතුළු තේමා පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ.

ගෝලීයකරණ බුද්ධි මණ්ඩල අධ්‍යක්ෂ Wang Huiyao මහතා චීන මාධ්‍ය සමූහය අමතමින් පැවසුවේ, මෙම සංසදය බහුපාර්ශ්වික වේදිකාවක් බවයි. චීනය හා යුරෝපය බහුපාර්ශ්විකත්වය සුරැකීම වෙනුවෙන් සක්‍රිය ලෙස පෙනී සිටින බවත්, මෙම පාර්ශ්ව දෙක ගෝලීය පාලනය අතින් වැඩි සහයෝගිතා පැවැත්වීමේ ඉඩකඩක් පවතින බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම