චීන ජනපති ඇමරිකානු ජනපති ඇරයුමින් ද්විපාර්ශ්වික නායක හමුවක් පැවැත්වීම පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශය අදහස් දක්වයි
2023-11-10 23:06:32
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ ඇරයුමක් අනුව එරට San Francisco හිදී ද්විපාර්ශ්වික නායක හමුවක් පැවැත්වීම සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය අදහස් දක්වයි.

තම චාරිකාව අතරතුර චීන ජනාධිපතිවරයා APEC සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුවට එක්වීම පිළිබඳව ද අමාත්‍යාංශය අදහස් දක්වා තිබේ.

උපායමාර්ග සහ ඉදිරි දැක්මකින් යුතු චීන-ඇමරිකානු සබඳතාව මෙන්ම, ලෝක සාමය හා සංවර්ධනය පිළිබඳ අවධානයට ලක්වූ ප්‍රශ්න පිළිබඳව නායක දෙපළ සාකච්ඡා කරන බව චීන විදේශ අමාත්‍යාංශ  ප්‍රකාශකයා පැවසීය. 

ෂී ජින් පිං මහතා APEC සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුවට එක්වීම තුළින් චීනය, ආසියා ශාන්තිකර ආර්ථික සහ‍යෝගිතාව කෙරෙහි දක්වන ඉහළ සැලකීම පිළිබිඹු කෙරෙන බව ද එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම