යුනෙස්කෝ ජාත්‍යන්තර STEM අධ්‍යාපන පර්යේෂණ ආයතනය ෂැංහයි නගරයේ පිහිටුවීම සම්බන්ධයෙන් චීනයේ ප්‍රසාදය
2023-11-10 16:46:54
Share with:

යුනෙස්කෝ ජාත්‍යන්තර STEM අධ්‍යාපන පර්යේෂණ ආයතනය ෂැංහයි නගරයේ පිහිටුවීමට පියවර ගැනීම සම්බන්ධයෙන් චීනය ප්‍රසාදය පළ කරන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.

යුනෙස්කෝ ජාත්‍යන්තර STEM අධ්‍යාපන පර්යේෂණ ආයතනය චීනයේ ෂැංහයි නුවර පිහිටුවීම පිළිබඳ යෝජනාව යුනෙස්කෝවේ 42 වැනි මහා සමුළුවේ දී ඊයේ (9) සම්මත කෙරිණ.

යුනෙස්කෝ සංවිධානයේ පළමු කාණ්ඩයේ මධ්‍යස්ථානයක් යුරෝපා හා ඇමරිකානු මහද්වීපයන් හි රටවල් හැරුණු විට සංවර්ධනය වෙමින් පවතින රටක් වන චීනයේ ස්ථාපනය කෙරෙන ප්‍රථම අවස්ථාව මෙයයි. චීනය යුනෙස්කෝ සංවිධානය සහ අදාළ සාමාජික රටවල් චීනය කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳව ස්තුතිය පළ කරන බව Wang Wenbin මහතා එහිදී පැවසීය.

එම අධ්‍යාපන පර්යේෂණ ආයතනය හැකි ඉක්මණින් ස්ථාපනය කොට භාවිතයට ගැනීම සඳහා චීනය වගකීම් සහගත ව අදාළ පොරොන්දු ක්‍රියාත්මක කරනු ඇතැයි ද Wang Wenbin මහතා එහිදී සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම