ගෝලීය ආර්ථික වර්ධනයට නැවුම් අපේක්ෂා රැගෙන ආ චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය
2023-11-10 23:59:52
Share with:

6 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය අද (10) සාර්ථක ව නිමාවට පත් විය. මෙවර ප්‍රදර්ශනයේ දී එළඹුණු ගිවිසුම්වල ගනුදෙනු වටිනාකම ඇ.ඩො.බිලියන 78.4ක් ඉක්මවා ඇත. මෙම වටිනාකම පසුගිය වසරට සාපේක්ෂව   6.7% කින් වැඩි වී තිබීම විශේෂත්වයකි. රටවල් හා කලාප 128 කින් පැමිණි ව්‍යවසායන් 3486ක් ප්‍රදර්ශනයට එක්විය. ඒ අතරින් ලොව මුල් ස්ථාන 500 යේ පසුවන ප්‍රමුඛ පෙළේ ව්‍යවසායන් 289 ක් පැවතීම විශේෂත්වයකි.

ලෝකයේ විශාලතම වෙළඳ රට වන චීනය, සුපිරි පරිමාණයෙන් යුත් විවෘත වෙළඳපොළක් ලොවට හිමි කර දී තිබේ. චීනය ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ 45 වැනි සංවත්සරය මේ වසරට යෙදී ඇත. එමෙන් ම, පොදු ප්‍රයත්න යටතේ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ගොඩනැංවීමේ 10 වැනි සංවත්සර වසර ද මෙය යි. චීනයේ ෂැංහයි නිදහස් වෙළඳ කලා‍පයේ Lingang ප්‍රදේශය ආරම්භ කිරීම, Hainan නිදහස් වෙළඳ වරාය ගොඩනැංවීම කඩිනම් කිරීම, නිෂ්පාදන කර්මාන්තය පිළිබඳ විදේශ ව්‍යවසායන් චීනයට ඇතුළු වීමේ සීමා පූර්ණ වශයෙන් අහෝසි කිරීම ඇතුළු නව පියවර ක්‍රියාවට නැංවීම තුළින්, චීනය ලෝකය සමග අවස්ථා බෙදා ගැනීමේ ප්‍රබලතාව පිළිබිඹු කෙරේ.

ලබන වසරේ පැවැත්වීමට නියමිත 7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට එක්වීමේ ‍ගිවිසුමට නිසි කලට පෙර අත්සන් තැබූ ව්‍යවසායන් සංඛ්‍යාව දැනට 200 ඉක්මවා ඇත. චීන වෙළඳපොළේ ඉස්මතු වන අවස්ථා ලොව ව්‍යවසායන් විසින් මෙසේ තදින් ග්‍රහණය කර ගැනීමට බලපා ඇත්තේ ආනයන ප්‍රදර්ශනය ගෝලීය ආර්ථික වර්ධනයට ලබාදෙන පුළුල් දායකත්වය යි. චීනය අධිගුණාත්මක විවෘතභාවය ඔස්සේ ලෝකය වෙත නව අවස්ථා සපයා දීම ද ඊට හේතු වී ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම