ක්‍රීඩා නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු බව ජනපති කියයි
2023-11-10 15:19:05
Share with:

තාවකාලික විසඳුම් නැතිව ක්‍රීඩා නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටී. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් රැකගැනීම වෙනුවෙන් පෙනී සිටින බව ද හෙතෙම අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඊයේ (09) හමු වූ අවස්ථාවේ ය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ අවධානයෙන් සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ජාත්‍යන්තරයෙන් කිසිදු බලපෑමක් නොවීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. ක්‍රිකට් පරිපාලනය පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය කාලෝචිත බව ද හෙතෙම පැවසීය.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරි මණ්ඩලය ඉවත් කිරීම සම්බන්ධයෙන් ඊයේ (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත විය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම