ගාසා තීරයේ අඛණ්ඩ ගැටුම් හේතුවෙන් පලස්තීන ජාතිකයින්ගේ ‘මානව සංවර්ධන දර්ශකයේ’ අගය විශාල වශයෙන් පහළට
2023-11-10 15:07:25
Share with:

ගාසා තීරයේ පවතින ගැටුම් තත්ත්වය හේතුවෙන් පලස්තීන ජාතිකයින්ගේ ‘මානව සංවර්ධන දර්ශකයේ’ අගය විශාල වශයෙන් පහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා බටහිර ආසියානු ආර්ථික හා සමාජ කමිටුව ඊයේ(9) නිකුත් කළ අදාළ වාර්තාවට අනුව, ගාසා තීරයේ ගැටුම් තවත් මාසයක් පැවතුණහොත් පලස්තීනයේ දිළිඳු අනුපාතය සියයට 34කින් මෙන්ම දිළිඳු ජනගහණය ලක්ෂ පහකින්  ඉහළ යනු ඇත. මේ වනවිට පලස්තීනයේ සේවා වියුක්ත ජනගහණය තුන්ලක්ෂ අනූ දහස දක්වා වැඩි වී ඇති බව ද එම වාර්තාව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්ත උපුටා දක්වමින් සඳහන් කරයි.

යුදමය තත්ත්වයට  අනුව පලස්තීනයේ සංවර්ධන මට්ටම වසර 11ක් සහ 16ක් අතර කාලයකින් මෙන්ම  ගාසා තීරයේ සංවර්ධනය වසර 16ක් සහ 19ක් අතර කාලයකින්  පසුබෑමකට ලක්විය හැකි බවට එම වාර්තාවෙන් අනතුරු ඇඟවීමක් ද සිදු කර ඇත.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම