“නව යුගයේ ටිබෙටයේ පරිපාලනය සඳහා වන චීන කොමියුනිස්ට් පක්ෂයේ උපාය මාර්ගික ක්‍රියාකාරීත්වය හා ඓතිහාසික ජයග්‍රහණ”නමැති ධවල පත්‍රිකාවක්
2023-11-10 11:36:02
Share with:

 “නව යුගයේ ටිබෙටයේ පරිපාලනය සඳහා වන චීන කොමියුනිස්ට් පක්ෂයේ උපාය මාර්ගික ක්‍රියාකාරීත්වය හා ඓතිහාසික ජයග්‍රහණ”නමැති ධවල පත්‍රිකාව නිකුත් කෙරේ.

චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද (10) එම ධවල පත්‍රිකාව නිකුත් කර ඇත. ඒ සඳහා මාධ්‍ය හමුවක් ද පැවැත්විණ.

නව යුගයේ ටිබෙට් ස්වායත්ත පරිපාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මඟපෙන්වීම යටතේ හා එහි ජනතාවගේ සමගිය හා කැපවීම් මගින් ටිබෙට් ස්වායත්තය ‍‍ඓතිහාසික ජයග්‍රහණ අත්කරගෙන ඇති බව එම ධවල පත්‍රිකාවේ සඳහන් වේ. ටිබෙට් සමාජයේ ස්ථාවරත්වය, වේගවත් ආර්ථික සංවර්ධනය, ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යාම, ජනවාර්ගික හා ආගමික සුසංගතභාවය, සංස්කෘතික සමෘද්ධිය සහ දේශසීමා මායිම් ආරක්ෂාව තහවුරු වීම ඇතුළු පූර්ණ ප්‍රගතියක් ටිබෙට් ස්වායත්තය ලබාගෙන තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල නායකත්වය යටතේ ‍ටිබෙට් ජනතාව චීනයේ සෙසු ප්‍රදේශවල ජනතාව සමග සමාජවාදී නවීකරණය පූර්ණ වශයෙන් ගොඩනැගීමේ ක්‍රියාවලියට එක්ව සිටින බව “නව යුගයේ ටිබෙටයේ පරිපාලනය සඳහා වන චීන කොමියුනිස්ට් පක්ෂයේ උපාය මාර්ගික ක්‍රියාකාරීත්වය හා ඓතිහාසික ජයග්‍රහණ”නමැති ධවල පත්‍රිකාව පවසයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම