කුළුබඩු කර්මාන්තය නගා සිටුවීම සඳහා පහසුකම් සැපයීමට රජය සූදානම්
2023-11-10 15:44:41
Share with:

මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයක් ව පැවති කුළුබඩු කර්මාන්තය නැවත නඟා සිටුවීමට පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සඳහා නිසි සැලැස්මක් සකස් කරන ලෙස ශ්‍රී ලංකා කුළුබඩු සංගමය වෙත උපදෙස් දුන් ජනාධිපතිවරයා අවශ්‍ය පහසුකම් සලසාදීමට රජය සූදානම් බවත්, පෞද්ගලික අංශය ද එක් කර ගනිමින් එම වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවත් කියාසිටී.

රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළකළේ කොළඹ පැවති ශ්‍රී ලංකා කුළුබඩු සංගමයේ 19 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි.

අතීතයේ දී මෙරට ආර්ථිකය ප්‍රධාන වශයෙන් රැඳී පැවතුණේ කුළුබඩු ක්ෂේත්‍රය මත බවත්, යළි මෙරට කුළුබඩු සඳහා  පුළුල් වෙළෙඳපොළක් සකසා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. ඒ සඳහා මේ වන විටත් මැදිහත් වී ඇති රජය, කුරුඳු සංවර්ධනය සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවා තිබේ. මේ වෙනුවෙන් ඉලක්කගත වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කළ යුතු බව ද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම