අස්වනු නෙළීමට ආසන්න කුඹුරු අක්කර 12000 ක් පමණ වැස්සෙන් විනාශ වෙයි
2023-11-10 15:16:25
Share with:

පසුගිය යල කන්නයේ වගා කෙරුණු අස්වනු නෙළීමට ආසන්නව තිබූ කුඹුරු අක්කර 11,757 ක් දැනට මාස එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හා ගංවතුරින් විනාශ වී තිබේ.

පසුගිය යල කන්නය දීර්ඝ හා දැඩි නියඟයකට ද මුහුණ පෑ අතර, හානියට පත් කුඹුරු පිළිබඳ තොරතුරු රැස්කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට දැනුම් දී තිබිණ. එම වාර්තා අනුව, නියඟය නිසා වගා හානි සිදු වූ කුඹුරු අක්කර ගණන 64,088 කි. වර්ෂාව නිසා සිදුවූ වගා හානි හේතුවෙන් ගොවීහු 11,000 කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිති.

මේ තත්ත්වය යටතේ, නියඟයෙන් සිදුවූ වගා හානි සඳහා පළමුවෙන්ම වන්දි ලබා දීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. මෙම වන්දි කඩිනමින් ලබා දෙන ලෙසත්, රජයෙන් මුදල් ලැබීම ප්‍රමාද වුවහොත් මණ්ඩලය සතු මුදල්වලින් හෝ එම වන්දි ගෙවීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට දැනුම් දී ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම