වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම නතර කරන්නැයි G7 කණ්ඩායමට චීනයෙන් ඉල්ලීමක්
2023-11-10 17:05:03
Share with:

තම කටයුතු ගැන සැලකිලිමත් වන ලෙසත්, වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම නතර කරන ලෙසත් G7 කණ්ඩායමෙන් ඉල්ලා සිටින බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.

පසුගිය 8 වැනිදා G7 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව ප්‍රකාශයක් නිකුත් කරමින්, චීනය හා අවංකව සම්බන්ධ වී එරටට සෘජුවම සැලකිල්ල දැක්වීමේ වැදගත්කම අවධාරණය කර ඇත.  ඒ පිළිබඳව නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Wang Wenbin මහතා කියාසිටියේ, රටේ ආර්ථික ප්‍රගතියට හා සංවර්ධනයට බාධාවක් නොවන පරිදි චීනය සමඟ සාධනීය සහ ස්ථාවර සබඳතාවක් ඇති කර ගැනීමට G7 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව යෝජනා කළ බව යි. G7 සාමාජික රටවල් ඉහත ප්‍රකාශයන් සත්‍ය වශයෙන්ම ක්‍රියාවට නංවනු ඇති අතර, අන්‍යෝන්‍ය ගෞරවය, සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ගරු කරමින් චීනය සමඟ පවතින ද්විපාර්ශ්වික සබඳතාවන් ඵලදායී ලෙස වර්ධනය කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමේ යතුර  වන්නේ එකම චීනය මූලධර්මය පිළිපැදීම බව ද Wang Wenbin මහතා අවධාරණය කළේය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්මවලට හා ජාත්‍යන්තර සබඳතාවල මූලික ප්‍රමිතීන්ට අවනත වන ලෙසත්, ඕනෑම කඩතුරාවක හෝ නාමයක මුවාවෙන් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම නවත්වන ලෙසත් චීනය G7  කණ්ඩායමෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම