ඉහළ පෙළේ චීන-ජපාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අතර හමුවක්
2023-11-10 10:30:45
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ  මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසම් කාර්යාලයේ අධ්‍යක්ෂ වැන්ග් යී මහතා සහ ජපාන කැබිනට් මණ්ඩලයේ විශේෂ උපදේශක සහ ජපානයේ මහලේකම් ටේකෝ අකිබා මහතා අතර හමුවක් ඊයේ(9) ‍බෙයිජිං හි ජාතික ආරක්ෂක ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.ඔවුන් චීන-ජපාන ඉහළ මට්ටමේ දේශපාලන සංවාදය පිළිබඳ යාන්ත්‍රික උපදේශන ද පැවැත්වීය. 

වැන්ග් යී මහතා එහි දී වත්මන් චීන-ජපාන සබඳතා පිළිබඳ චීනයේ ප්‍රතිපත්තිමය ස්ථාවරය විස්තර කළ අතර චීන-ජපාන සබඳතා වැඩිදියුණු කිරීමට සහ වර්ධනය කිරීමට නිවැරදි මාවත පෙන්වා දුන්නේය. චීනය සහ ජපානය අතර දේශපාලන ලේඛන හතරේ දක්වා ඇති මූලධර්මවලට අනුකූලව කටයුතු කිරීමට සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් සහ ස්ථාවර සංවර්ධන මාවතකට ගෙන ඒමට උත්සාහ කිරීමට දෙපාර්ශ්වයම තම කැපවීම යළිත් තහවුරු කළ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් සන්නිවේදනය පවත්වා ගැනීමට දෙපාර්ශවයේ  එකඟත්වය පළ විය. 

ෆුකුෂිමා න්‍යෂ්ටික අපවිත්‍ර ජලය මුහුදට හැරවීම, තායිවානය, ඉතිහාසය සහ අනෙකුත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය සහ උත්සුකතාව ද පැහැදිලි  කළ වැන්ග් යි මහතා චීන-ජපාන සබඳතා කඩිනමින් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවට ජපාන පාර්ශ්වය සිය ප්‍රකාශය පරිවර්තනය කළ යුතු බව ද අවධාරණය කළේය..

 

 

 

 

 

 

 

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම