සිවිල් ජනතාවට හානි කරමින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන ක්‍රියාවන්ට චීනයේ දැඩි විරෝධය
2023-11-10 10:06:48
Share with:

සිවිල් ජනතාවට හානි කරන සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කරන ක්‍රියාවන්ට චීනය විරෝධය දක්වන බවත් එවැනි ක්‍රියා දැඩි ලෙස හෙළා දකින බවත් චීනය පවසයි. මැදපෙරදිග කටයුතු සම්බන්ධ චීන රජයේ විශේෂ නියෝජිත Zhai Jun මහතා ඊයේ (09) ගාසා තීරයේ සිවිල් ජනතාවට සහනාධාර ලබා දීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුවකදී ‍මේ බව පැවසීය. 

මාසයකට වැඩි කාලයක් තිස්සේ පැවති පලස්තීන-ඊශ්‍රායල් ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් විශාල පිරිසක් මිය ගියහ. එමෙන්ම කිසිදු මානුෂීය බවක් නොමැතිව වර්ධනය වන මෙම ගැටුමේ වර්තමාන තත්ත්වය පිළිබඳ චීනය දැඩි ලෙස කණගාටු වන බව ද Zhai Jun මහතා කියාසිටියේය. මෙම සමුළුවට රාජ්‍ය නායකයින් මෙන්ම ජාත්‍යන්තර සහ කලාපීය සංවිධානවල නිලධාරීන් ද එක්වූහ. 

ගැටුම් උත්සන්න වීම වැළැක්වීමට සහ සාම ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට සිදු කෙරෙන සියලු ප්‍රයත්නයන්ට චීනය සහාය ලබා දෙන බවත්, සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට සහ මානුෂීය අර්බුදය ලිහිල් කිරීමට හිතකර ඕනෑම මුලපිරීමක් පිළිගන්නා බවත් හෙතෙම ප්‍රකාශ කළේය.සාම සාකච්ඡා ඇරඹීම සඳහා චීනය සක්‍රීය දායකත්වයක් ලබා දෙන අතර පලස්තීන ජනතාවගේ නීත්‍යානුකූල අයිතීන් සුරැකීම සඳහා ද සහයෝගය ලබා දෙනු ඇත. එමෙන්ම පලස්තීනය සහ ඊශ්‍රායලය අතර සාමකාමී සහජීවනය ඇති වීම චීනයේ අවංක බලාපොරොත්තුව බව Zhai Jun මහතා සඳහන් කර ඇත.එක්සත් ජාතීන්ගේ සහන වැඩසටහන, පලස්තීන සරණාගතයින් සඳහා වන නියෝජිතායතනය සහ පලස්තීන ජාතික අධිකාරිය හරහා චීනය ගාසා තීරයේ සිටින සිවිල් වැසියන්ට හදිසි මානුෂීය ආධාර ලබා දී ඇත.  එම සහන සැපයීමේ කටයුතු සදහා චීනය අඛණ්ඩවම සහයෝගය ලබා දීමට අපේක්ෂා කෙරේ. ගාසා තීරයේ පවතින ගැටුම හැකි ඉක්මනින් අවසන් කිරීමට සහ පලස්තීන ප්‍රශ්නය නිවැරදි මාවතකට ගෙන ඒමටත් චීනය ජාත්‍යන්තර ප්‍රජාවේ අදාළ සියලුම පාර්ශ්වයන් සමග අඛණ්ඩව කටයුතු කරන බව ද Zhai Jun මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම