ස්වාභාවික විපත්වලින් පසු පුනරුත්ථාපනය සහතික කිරීමේ අවශ්‍යතාව චීන ජනපති අවධාරණය කරයි
2023-11-10 19:49:17
Share with:

ස්වාභාවික විපත්වලින් පසු පුනරුත්ථාපන කටයුතු විධිමත් අයුරින් සිදුකිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටුවේ සභාපති ෂී ජින් පිං මහතා බෙයිජිං නගරයේ හා හබෙයි පළාතේ හටගත් ස්වාභාවික විපත්වලින් පසු ක්‍රියාත්මක පුනරුත්ථාපන වැඩසටහන් 10වැනිදා  විමසා බැලූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කළේ ය.

රට පුරා විවිධ මට්ටම්වල කොමියුනිස්ට් පක්ෂ කමිටු හා නාගරික රජයන් සෑම විටෙකම මහජනතාව කේන්ද්‍ර කරගනිමින් පුනරුත්ථාපන කටයුතු කෙරෙහි තවදුරටත් දැඩි අවධානය යොමු කළ යුතු ය. ජනතාවට ශීත ඍතුව සුවපහසු අයුරින් උණුසුම් ලෙස ගතකිරීමේ හැකියාව සහතික කළ යුතු බව ද ෂී ජින් පිං මහතා එහිදී කියාසිටියේය.

පසුගිය ජූලි මස අග හා අගෝස්තු මස මුල දී හටගත් ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බෙයිජිං නගරය හා හබෙයි පළාත ඇතුළු ප්‍රදේශවල ජීවිත හානි රැසක් ද සිදුවිය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම