යුනෙස්කෝ ජාත්‍යන්තර STEM අධ්‍යාපන පර්යේෂණ ආයතනය චීනයේ ෂැංහයිහීදී පිහිටුවීමට අනුමැතිය
2023-11-10 11:13:34
Share with:

යුනෙස්කෝ ජාත්‍යන්තර STEM අධ්‍යාපන පර්යේෂණ ආයතනය චීනයේ ෂැංහයි හිදී පිහිටුවීමට නියමිතයි. ඊයේ (9) පැරිස් නුවර පැවති යුනෙස්කෝවේ 42 වන මහා සමුළුවේදී එම යෝජනාව සම්මත විය. යුනෙස්කෝ සංවිධානයේ පළමු කාණ්ඩයේ මධ්‍යස්ථානයක් චීනයේ ස්ථාපිත කෙරෙන ප්‍රථම අවස්ථාව මෙයයි.

යුනෙස්කෝ මහා සමුළුවේ අධ්‍යාපන කමිටුව එම යෝජනාව පිළිබඳ සලකා බලා ඇත. ෂැංහයි හි පළමු කාණ්ඩයේ මධ්‍යස්ථානයක් පිහිටුවීම පිළිබඳ චීනයේ යෝජනාව සම්බන්ධයෙන් විවිධ රටවල් ප්‍රසාදය පළ කර තිබේ. එය යුනෙස්කෝවට ප්‍රබල සහයෝගයක් වන අතර, ලෝකයේ නව තාක්‍ෂණික විප්ලවයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සහ අධ්‍යාපනය පිළිබඳ 2030 ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ඉතා වැදගත් වනු ඇති බව විවිධ රටවල විශ්වාසයයි.

ජාත්‍යන්තර STEM අධ්‍යාපන පර්යේෂණ ආයතනය යුනෙස්කෝවේ ප්‍රධාන කොටසකි. එහි මූලික කාර්යය වන්නේ ළමාවියේ සිට වැඩිහිටි විය දක්වා සෑම අදියරකදීම විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන විෂයන් සියල්ල ඔස්සේම ගුණාත්මක අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම