Philadelphia සංධ්‍වනි වාද්‍ය වෘන්දයට චීන ජනපතිගෙන් පැසසුම්
2023-11-10 20:38:10
Share with:

Philadelphia සංධ්‍වනි වාද්‍ය වෘන්දයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Matías Tarnopolsky මහතා වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පිළිතුරු ලිපියක් යොමු කරයි.

1973 වසරේ තම පළමු චීන සංචාරය සැමරීම සඳහා Philadelphia සංධ්‍වනි වාද්‍ය වෘන්දය නොවැම්බර් මාසයේ දී 13 වැනි වරටත් චීනයට පැමිණ කාර්යසාධන හුවමාරු ක්‍රියාකාරකම් මාලාවක් පවත්වමින් චීනය සමඟ සහයෝගයෙන් ක්‍රියා කළ බව දැනගත් තමා අතිශය සතුටට පත් වූ බව ෂී ජින් පිං මහතා කියාසිටී. වසර 50 කට පෙර, Philadelphia සංධ්‍වනි වාද්‍ය වෘන්දය චීන-ඇමරිකානු සංස්කෘතික හුවමාරු ආරම්භ කිරීමට චීනයට පැමිණි අතර, දෙරට සබඳතා සාමාන්‍යකරණය කිරීමේ දී එය ඉතා වැදගත් අවස්ථාවක් විය.

Philadelphia සංධ්‍වනි වාද්‍ය වෘන්දය මෙන්ම චීනය සහ ඇමරිකාව ඇතුළු ලොව පුරා සිටින කලාකරුවන් සමානාත්මතාව, අන්‍යෝන්‍ය අධ්‍යයන, සංවාද සහ ඉවසීම ගරු කරමින් හුවමාරු සහ සහයෝගීතා තහවුරු කරනු ඇත. චීනය සහ ඇමරිකාව අතර සංස්කෘතික හුවමාරු ක්ෂේත්‍රයේ මෙන්ම සියලු රටවල ජනතාව අතර මිත්‍රත්වයේ නව පරිච්ඡේදයක් ඉදිරියේ දී ඇරඹෙනු ඇතැයි තමා අපේක්ෂා කරන  බව ද ෂී ජින් පිං මහතා තම ලිපියෙන් අවධාරණය කළේය.

1973 වසරේදී සැප්තැම්බර් මාසයේ දී Philadelphia සංධ්‍වනි වාද්‍ය වෘන්දය ප්‍රථම වරට චීනයට පැමිණි අතර, චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු එරටට පැමිණි පළමු ඇමරිකානු වාද්‍ය වෘන්දය එය වීම ද විශේෂත්වයකි.

මේ අතර, Philadelphia සංධ්‍වනි වාද්‍ය වෘන්දයේ චීන සංචාරයේ 50 වැනි සංවත්සරය සැමරීමේ ප්‍රසංගයක් ඊයේ (10) බෙයිජිං හිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික හා ප්‍රචාරක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ Li Shulei මහතා මෙම ප්‍රසංගය නැරඹීමට සහභාගි වූ අතර, ඔහු ජනාධිපතිවරයාගේ පිළිතුරු ලිපිය කියවා භාර දුන්නේය.

Li Shulei මහතා මෙහිදී කියා සිටියේ, ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකාව ඇතුළු ලොව පුරා සිටින සංස්කෘතික ආයතන සහ කලාකරුවන් සමඟ කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බවයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම