කාම්බෝජයේ 70 වැනි නිදහස් සංවත්සරයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2023-11-09 17:04:53
Share with:

කාම්බෝජ රාජධානියේ නිදහසේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එරට Norodom Sihamoni රජු වෙත සුබ පැතුම් පිරිනමයි.

සාම්ප්‍රදායික මිත්‍රශීලී අසල්වැසියෙකු ලෙස චීනය සෑමවිටම ස්ථාවරත්වය පවත්වා ගැනීමටත්, සංවර්ධනය සහ ජනතා ජීවනෝපාය වැඩිදියුණු කිරීමටත් කාම්බෝජයට දැඩි ලෙස සහාය වන බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට තමා විශාල ප්‍රමුඛතාවක් ලබාදෙන බව ද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. දෙරට අතර සබඳතා පිළිබඳ උපායමාර්ගික මාර්ගෝපදේශ ශක්තිමත් කර, නව යුගයේ පොදු ඉරණමක් සහිත මෙන්ම ඉහළ ප්‍රමිතියකින් යුත් චීන-කාම්බෝජ ප්‍රජාවක් ගොඩනැගීමට Norodom Sihamoni රජු සමඟ කටයුතු කිරීමට තමා සූදානම්  බව ද හෙතෙම පැවසීය.

චීන ජනාධිපතිවරයා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති Hun Sen මහතා වෙත ද සුබ පැතුම් පණිවිඩයක් යොමු කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම