ඇමරිකාවේ සිටි චීන යෝධ පැන්ඩා පවුලක් යළි මවුබිමට
2023-11-09 19:39:54
Share with:

ඇමරිකාවේ සිටි චීන යෝධ පැන්ඩා පවුලක් අදාළ ගිවිසුම් කාලය සම්පූර්ණ වීමෙන් පසු යළි චීනයට රැගෙන එනු ලැබේ.

ඇමරිකාවේ ජාතික සත්වෝද්‍යානයේ සිටි ‘Mei Xiang’, ‘Tian Tian’සහ ‘Xiao Qiji’ යන නම් සහිත යෝධ පැන්ඩාවෝ තිදෙනා ඊයේ (08) ගුවන් යානයකින් චීනයේ Chengdu නගරය වෙත රැගෙන එනු ලැබූහ.

මේ පිළිබඳව නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකා‍ශක Wang Wenbin මහතා අද (09) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී කියා සිටියේ චීන-ඇමරිකානු සහයෝගිතා ගිවිසුමට අනුව, එම යෝධ පැන්ඩා පවුල නියමිත කාලය අවසන් වීමෙන් පසු මව්රටට රැගෙන ආ බවයි. යෝධ පැන්ඩා චීනය හා විදේශ රටවල් සමග පවතින හුවමාරු සබඳතා සවිමත් කරවන ‘මිත්‍ර දූතයෙකු’ ලෙස සැලකේ.

1996 වසරේ සිට, චීනය හා ඇමරිකාව යෝධ පැන්ඩා සංරක්ෂණ පර්යේෂණ පිළිබඳ සහයෝගිතා ආරම්භ කර තිබේ. 2000 වසරේ සිට දෙරට යෝධ පැන්ඩා අභිජනනය, රෝග වැළැක්වීම, පාලනය, ප්‍රතිකාර කිරීම ඇතුළු ක්ෂේත්‍රවලින් සක්‍රිය ප්‍රගතීන් ලබා ඇති බව ද Wang Wenbin මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම