එක් තීරයක් එක් මාවතක් ලෝකය සරසන ව්‍යාපෘතියක්
2023-11-09 15:55:33
Share with:

එක් තීරයක් එක් මාවතක් වැඩසටහන ලෝකය වනසන ව්‍යෘපෘතියක් නොව ලෝකය සරසන ව්‍යාපෘතියක් බව ජාතික නිදහස් පෙරමු‍ණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. පැරණි සේද මාවතට එක්ව සිටි රටවල් රාශියකට මෙම ව්‍යපෘතියෙන් සෙත සැලසී තිබේ. යටිතල පහසුකම් සංවර්ධනය පමණක් නොව එම රටවල ජන ජීවිතය නගා සිටුවීම සඳහා එක් තීරයක් එක් මාවතක් වැඩසටහන මගින් විශාල දායකත්වයක් ලැබී ඇති බවද හෙතෙම කියා සිටී. මෙම ව්‍යාපෘතිය ගෙවුණු දශකය පුර ප්‍රශස්ත අන්දමින් ක්‍රියාත්මක වූ රටවල් ප්‍රතිලාභ රැසක් අත්කර ගෙන තිබේ.රුවන්ඩාව, ඉති‍යෝපියාව, පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ රටවල් ඒ අතර ප්‍රධාන වන බවද විමල් වීරවංශ මහතා සඳහන් කරයි. ආර්ථිකමය ප්‍රතිලාභවලට අමතරව මානව සබඳතා වර්ධනයට ද එක් තීරයක් එක් මාවතක් විශාල පිටුබලයක් වී තිබේ. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටළු හේතුවෙන් මෙම වැඩපිළිවෙලට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී යම් යම් බාධාවන් එල්ල වූ බවද හෙතෙම කියා සිටී. එවන් තත්ත්වයන් බැහැර කරමින් මෙම දැවැන්ත ව්‍යෘපෘතියේ ප්‍රතිලාභ නිසි ලෙස අත්කර ගැනීමට ශ්‍රී ලංකාව ක්‍රියා කිරීමේ වැදගත්කම ද හෙතෙම අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම