ඊජිප්තුව ගාසා තීරය තාවකාලිකව භාර ගැනීම පිළිබඳ ඇමරිකානු යෝජනාව ප්‍රතික්ෂේප කරයි
2023-11-09 15:27:24
Share with:

මෙම වටයේ පලස්තීන ඊශ්‍රායල ගැටුම අවසන්වීමෙන් පසු පලස්තීන ජාතික අධිකාරිය එම ප්‍ර‍දේශය භාර ගැනීමට පෙර, ඊජිප්තුව විසින් ගාසා තීරයේ ආරක්ෂාව භාර ගන්නා බවට ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය ඉදිරිපත් කළ යෝජනාව ඊජිප්තු ජනාධිපති Abdel Fattah al Sisi මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඊශ්‍රායල ටයිම්ස් පුවත්පත අද(9) පළ කළ වාර්තාවක මේ බව සඳහන් වේ.

හමාස් සංවිධානයට එරෙහි මෙහෙයුම්වලදී ඊජිප්තුව කාර්යභාරයක් ඉටු නොකරන බවත් එම සංවිධානය මෑත වසරවල ඊජිප්තුව සමග හා ගාසා තීරයේ දේශසීමා මායිම්හි සාමයක් පවත්වා ගෙන ඇති බවත් ඊජිප්තු ජනාධිපතිවරයා 7වනදා ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සියේ ප්‍රධානි William Joseph Burns සමග සාකච්ඡාවකදී පැවසූ බව ද වාර්තා වේ.  The Wall Street Journal පුවත්පත ඊජිප්තු උසස් නිලධාරියෙකුගේ කතාව උපුටා දක්වමින් ඒ පිළබඳව වාර්තා කර සිටී.

ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම