යුක්රේනය සහ මෝල්ඩෝවා යුරෝපා සංගමයට ඇතුළත් කිරීම සඳහා සාකච්ඡා ඇරඹීමට යුරෝපා කොමිසමේ එකඟතාව
2023-11-09 10:35:15
Share with:

යුක්‍රේනය සහ මෝල්ඩෝවා සමග යුරෝපා සංගමයට ඇතුළත් වීමේ සාකච්ඡා ආරම්භ කිරීමට යුරෝපා කොමිසම එකඟතාව පළ කර ඇතැයි එහි සභාපතිනි Ursula von der Leyen මහත්මිය කියා සිටී. 2023 වසරේ යුරෝපා සංගමය පුළුල් කිරීමේ පැකේජය ඉදිරිපත් කරමින් ඇය ඊයේ(8) මේ බව පැවසුවාය.

පවතින යුද වාතාවරණය නොතකා යුක්‍රේනියානුවන් තම රට ගැඹුරින් ප්‍රතිසංස්කරණය කර ඇති බවත් මෝල්ඩෝවාව සැලකිය යුතු ප්‍රතිසංස්කරණ සිදු කර ඇති බවත් ඇය සඳහන් කළාය. 

යුරෝපා සංගමයට බැඳීමට එහි පුරවැසියන්ගෙන් අතිමහත් බහුතරයකගේ සැබෑ අභිලාෂයන් පිළිබිඹු කිරීමේ පියවර හේතුවෙන් කොමිසම ජෝර්ජියාවට අපේක්ෂක තත්ත්වය ලබා දෙන ලෙස නිර්දේශ කළ බව ද von der Leyen මහත්මිය පැවසීය.

යුක්රේනය යුරෝපා සංගම් සාමාජිකත්වය සඳහා 2022 වසරේ පෙබරවාරි 28 දින ඉල්ලුම් කර ඇති අතර මෝල්ඩෝවාව සහ ජෝර්ජියාව 2022 මාර්තු 3 දින තම අයදුම්පත් ඉදිරිපත් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම