ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක්
2023-11-09 17:15:30
Share with:

ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට ක්‍රියා කරන බව සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනූප පැස්කුවල් මහතා කියාසිටී. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව යි. එම පනත ලබන වසරේ මුල් කාර්තුව තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පවසයි.

පැස්කුවල් මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මගකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (8) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ආබාධිත පුරවැසියන් යනු යැපුම් මානසිකත්වයෙන් පෙළිය යුතු පිරිසක් නොවිය යුතුය යන්න රජයේ ප්‍රතිපත්තිය බවත්, ඔවුන් තවදුරටත් දෙවැනි පුරවැසියන් ලෙස සැලකිය යුතු නැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඔවුන්ට සමාන අයිතිවාසිකම්, තාක්ෂණික පහසුකම් සහ ප්‍රවේශ ලබාදීමට පියවර ගන්නා බව ද හෙතෙම කියාසිටියේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම