ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹේ
2023-11-09 14:46:51
Share with:

ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා වන විවාදයක් අද (9) පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ. කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට එය ආරම්භ කර තිබේ.

ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකාබද්ධව ගෙන ආ යෝජනාව අනුව එම විවාදය පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට ඊයේ (8) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී තීරණය කෙරිණ. ඒ අනුව විවාදයට අදාළ යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කෙරිණ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා පරිපාලනය විනිවිදභාවයෙන් යුතුව පවත්වාගෙන යාම සඳහා නව නීති පද්ධතියක්, පනතක් මගින් සම්මත කළ යුතු බව ද එම යෝජනාවට ඇතුළත් කර ඇතැයි  වාර්තා වේ.

මීට අදාළ ඡන්ද විමසීම අද (9) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම