මිත්‍රත්වයේ පදනම මතින් ලොව සංවර්ධනයට උර දෙන “එක් තීරයක් එක් මාවතක්” සාර්ථක ගමණක
2023-11-09 16:02:37
Share with:

එක් තීරයක් එක් මාවතක් ගෙවී ගිය වසර 10 තුළ ලොව 150කට වැඩි රටවල් සංඛ්‍යාවක පොදු සංවර්ධනය සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනැගීමේ ව්‍යාපෘති ඔස්සේ පැහැදිලි සංවර්ධනයක් සාක්ෂාත් කර ගෙන ඇතැයි නීතිඥ සංඛ ප්‍රබුද්ධ මහතා පවසයි.

ඩොලර් ට්‍රිලියන ගණනක මූල්‍යමය වටිනාකමක් සහිත මෙම ව්‍යාපෘතිය සඳහා රටවල් විශාල ගණනක් සහභාගී වීම තුළ එය කෙතරම් ලොව පුරා ව්‍යාප්ත වී තිබේ ද සහ එය ගෝලීය ආර්ථිකයට කෙතරම් විශාල බලපෑමක් කර ඇති ද යන්න පෙන්වන සාධකයකි. චීන යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මාර්ගය, බටහිර චීනයේ නව ගොඩබිම්-මුහුදු කොරිඩෝව, චීන-ලාඕස දුම්රිය මාර්ගය ඇතුළු ව්‍යාපෘති ගණනාවක් සාර්ථකව මෙමගින් සංවර්ධනය කර තිබේ. එමෙන්ම ආයෝජන හා වෙළඳ මට්ටම ද අඛණ්ඩව දියුණු වෙමින් පවතී.

එක් එක් රටවල ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය තහවුරු වීම කැපී පෙනෙන ලෙස වැඩිදියුණු වී තිබේ. චීන සමාගම් විසින් අදාළ රටවල ස්ථාපිත කරන ලද ආර්ථික හා වෙළඳ සහයෝගතා කලාප මගින් ප්‍රාදේශීය වශයෙන් රැකියා ලක්ෂ 5කට ආසන්න සංඛ්‍යාවක් නිර්මාණය කිරීමට හැකි වීම ද සුවිශේෂ ජයග්‍රහණයක් බව සංඛ ප්‍රබුද්ධ මහතා පැවසීය.

එක් තීරයක් එක් මාවතක් ක්‍රියාන්විතයේ දස වන සැමරුම් උත්සවය ඔක්තෝබර් මස බෙයිජිං හිදී සාර්ථකව පැවැත්විණ. ඒ සඳහා ලොව රටවල් හා කලාප විශාල සංඛ්‍යාවක නායකයින් එහි තුන්වන රාජ්‍ය නායක සංසදයට එක් ව මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළබඳව සනාථ කර තිබේ. වසර දහයක් පුරා, 'එක් තීරයක්, එක් මාවතක් ක්‍රියාන්විතය' ව්‍යාපෘති 3000ක් අභිබවමින් යටිතල පහසුකම්වලින් ඔබ්බට යමින්, ඩිජිටල් තාක්‍ෂණය, ආරක්‍ෂාව සහ තිරසර සංවර්ධනය ද ඇතුළත් කරමින් එහි අරමුණ පුළුල් කර ඇත. එහි බලපෑම සහ සාර්ථකත්වය ගෝලීය ආර්ථික ප්‍රකෘතියට කඳිම අත්වැළක් සපයා තිබේ.

සාමය, අන්‍යෝන්‍ය සහයෝගය සහ මිත්‍රත්වය පදනම් කරගනිමින් ආරම්භ කෙරුණු ‘එක් තීරයක් එක් මාවතක්’ප්‍රයත්නය අතීත සේද මාවතේ නවීන ස්වරූපය බව තුන් වන රාජ්‍ය නායක සංසදයට එක්වෙමින් ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර ඇත. ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ ආරම්භ කර ගෙවී ගිය වසර 10 තුළ කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් උදා කරගැනීමට ඊට සම්බන්ධ වූ සියලු රටවලට හැකි වූ බවත්, ඒ රටවල් අතර ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීමට නව මාවත් රැසක් විවර වූ බවත් ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතියේ පදනම් මිත්‍රත්වයයි. එය ලොව සෙසු රටවල් සඳහා පොදු ජයග්‍රහණ තවදුරටත් වර්ධනය කළ හැකි අතිසාර්ථක දෙවන දශකයට පියවර මැනීමට උණුසුම් සුභ පැතුම් එක් කරන බව ද නීතිඥ සංඛ ප්‍රබුද්ධ මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම