චීනයේ ඩිජිටල් ආර්ථික පරිමාණය පසුගිය දස වසර තුළ යුවාන් ට්‍රිලියන 50.2 සීමාව කරා ඉහලට
2023-11-09 11:18:14
Share with:

2012 වසරේ සිට 2022 වසර දක්වා චීනයේ ඩිජිටල් ආර්ථික පරිමාණය ට්‍රිලියන 50.2කට ළඟා වේ. 

‘ලෝක අන්තර්ජාල සංවර්ධන වාර්තාව 2023’ සහ ‘චීන අන්තර්ජාල සංවර්ධන වාර්තාව 2023’ පිළිබඳ නිල් පත්‍රිකා ඊයේ(8) ලෝක අන්තර්ජාල සම්මේලනයේ Wuzhen සමුළුවේදී නිකුත් කෙරිණ.2012 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ චීන ඩිජිටල් ආර්ථික පරිමාණය යුවාන් ට්‍රිලියන 11ක සීමාවේ සිට යුවාන් ට්‍රිලියන 50.2ක් දක්වා වැඩි වූ බව ඒ සඳහා පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබේ.

අදාළ වාර්තාවලට අනුව, ගතවූ දස වසර තුළ චීන අන්තර් ජාල යටිතල පහසුකම් පෙර නොවූ අයුරින් ඉහළ නැංවීම සාක්ෂාත් කර ඇත. බ්‍රෝඩ් බෑන්ඩ් අන්තර්ජාලයේ සාමාන්‍ය බාගත කිරී‍මේ වේගය 40ක ගුණයකින් ඉහළ නංවා තිබේ.එමෙන්ම ජංගම සංනිවේදන අන්තර්ජාලය 3G සිට 5G දක්වා උත්ශ්‍රේණිගත වෙමින් පවතින අතර චීනය ලෝකයේ විශාලතම 5G ජාලය ඉදිකර ඇත.

මේ අතර 2012 වසරේ දෙසැම්බර් මස සිට මේ වසරේ ජුනි දක්වා චීන අන්තර් ජාල භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 564 සිට බිලියන 1.079කට දක්වා ඉහළ ගොස් තිබේ. ජුනි මස විනවිට ග්‍රාමීය ප්‍රදේශයේ අන්තර්ජාල ආවරණ අනුපාතය සියයට 60.5කි. ග්‍රාමීය ප්‍රදේශයේ අන්තර්ජාල යටිතල පහසුකම් මූලික වශයෙන් පූර්ණ ආවරණය ඉටු කර ඇති අතර අන්තර් ජාලයෙන් සජීව අලෙවිය යන නව අලෙවි ක්‍රමයේ සංවර්ධනය කැපී පෙනේ.     

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම