චීන සහනාධාර නේපාලයට ළඟා වේ
2023-11-09 09:34:11
Share with:

භූමිකම්පා විපතකට ගොදුරු වූ නේපාලය වෙත චීන රජය පිරිනමන මානවහිතවාදී හදිසි සහනාධාර ද්‍රව්‍ය ඊයේ(8) නේපාලයේ Pokhara ජාත්‍යන්තර ගුවන්‍ තොටුපළට ළඟා විය.

චීන ගුවන් හමුදාවේ ප්‍රවාහන යානා දෙකක් මගින් කපු කූඩාරම් 600ක් හා ලොම් පොරෝන 4600ක් රැගෙන ඇවිත් තිබේ.

නේපාල උප අගමැති, අභ්‍යන්තර කටයුතු ඇමති Narayan Shrestha මහතා හා නේපාලයේ චීන තානාපති Chen Song මහතා එම සහනාධාර ද්‍රව්‍ය භාර දීමේ උත්සවයට එක්වූහ.

නේපාලයේ භූමිකම්පාව සිදු වීමෙන් පසු චීන රජය කඩිනමින් සහනාධාර ලබා දීම ක්‍රියාත්මක කර තිබේ. චීනය විසින් ලබා දුන් කූඩාරම් හා ලොම් පොරෝන ඇතුළු පළමු කාණ්ඩයේ සහනාධාර ද්‍රව්‍ය පසුගිය 6 වනදා නේපාලයට ළඟා වී තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම