චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ලෝක ආර්ථිකයට ශක්තිය තිළිණ කරන බවට විශ්වාසය පළ වේ
2023-11-08 09:47:21
Share with:

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය විවෘත ලෝක ආර්ථිකයට ශක්තිය තිළිණ කරන බවට අන්තර්ජාල පරිශීලකයන්ගෙන් දහයෙන් නවයකට වැඩි පිරිසක් විශ්වාසය පළ කරති.

චීන මාධ්‍ය සමූහයට අයත් CGTN නාලිකාව මෑතක දී පැවැත්වූ ගෝලීය අන්තර්ජාල ජනමත විමසුමකින් මේ බව අනාවරණය විය. චීනය වසර 6 ක් අඛණ්ඩව චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සංවිධාන කිරීම තුළින්, එරට ක්‍රියාවට නංවා ඇති ඉහළ මට්ටමේ විවෘතභාවය පිළිබඳ ප්‍රබල සංඥාවක් නිකුත් කෙරේ.එය නොසන්සුන්කාරී ලෝකයටත්, මන්දගාමී ව ප්‍රකෘතිමත් වන ලෝක ආර්ථිකයටත් වැදගත් අවස්ථා ලබාදෙනු ඇති බවට ජනමත විමසුමට එක්වූ අන්තර්ජාල පරිශීලකයන්ගෙන් දහයෙන් නවයකට වැඩි පිරිසක් පවසා ඇත. 

CGTN නාලිකාවට අයත් ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි, හා රුසියානු යන භාෂා මාධ්‍ය 5 ක වේදිකා ඔස්සේ මෙම ජනමත විමසුම පවත්වනු ලැබීය. පැය 24 ක් තුළ අන්තර්ජාල පරිශීලකයන් දහදහසකට අධික පිරිසක් ඊට සහභාගි වී තම අදහස් පළ කර තිබේ. 

ඔවුන්ගෙන් 83.6% ක පිරිසක් කියාසිටියේ, චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට ලැබුණු උණුසුම් පිළිගැනීම, නිදහස් වෙළඳාම හා විවෘත වෙළඳපොළ කෙරෙහි ගෝලීය ව්‍යවසායන් දක්වන ප්‍රබල විශ්වාසය මනාව පිළිබිඹු කළ බවයි. එසේම, එම ප්‍රදර්ශනය අස්ථිර ගෝලීය පරිසරය තුළ නිශ්චිතතාවය සොයා ගැනීමේ වේදිකාවක් බවට පත් වූ බව ද මත විමසුමට එක් වූ 86.8% ක පිරිසකගේ අදහස වී ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම