නව ආයෝජන පනත් කෙටුම්පතක් සැකසීමට කැබිනට් අනුමැතිය
2023-11-08 14:03:32
Share with:

ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට සහ නව ආයෝජන පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවෙයි.

ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනය සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීම පිණිස සවිමත් යාන්ත්‍රණයක් පැවතීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධ කරමින් නව ආයතනයක් ස්ථාපිත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී අනුමැතිය ලැබී තිබිණ.

ඒ අනුව නව ආයෝජන සහ අපනයන ප්‍රවර්ධන ආයතනික සැලැස්මක් හඳුන්වා දීමටත් ඒ යටතේ ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව සහ ඒ ආශ්‍රිත ඒකක ආයතනිකව පිහිටුවීම ආරම්භ කිරීමටත් අදාල පියවර ගැනීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම