ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණික සහයෝගිතා මුලපිරීම නිකුත් කෙරේ
2023-11-08 20:20:08
Share with:

“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ පළමු විද්‍යා තාක්ෂණ හුවමාරු සමුළුවේදී“ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණික සහයෝගිතා මුලපිරීම”නිකුත් කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(8) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ අධිගුණාත්මකභාවයෙන් යුතුව ගොඩනැගීම පිළිබඳ වැඩසටහන 8න් එකක් බව Wang Wenbin මහතා එහිදී සඳහන් කළේය. “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ පළමු විද්‍යා තාක්ෂණ හුවමාරු සමුළුව සාර්ථකව පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සමුළුව වෙත සුබ පැතුම් පිරිනැමීය. එය චීනය“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ 3වැනි ජාත්‍යන්තර නායක සංසදයේ ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීමේ වැදගත් පියවරක් බව Wang Wenbin මහතා පැවසීය. මෙවර සමුළුව ප්‍රයෝජනයට ගනිමින් “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීම හා සම්බන්ධ රටවල් සමඟ එක්ව ගෝලීය විද්‍යාත්මක හා තාක්ෂණික ප්‍රජාවක් ගොඩනැගීමට චීනය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම