චීන - ඔස්ට්‍රේලියානු අගමැතිවරුන් අතර සාකච්ඡාවක්
2023-11-08 10:13:21
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese මහතා සමග සාකච්ඡා පවත්වයි. බෙයිජිං අගනුවර දී එම සාකච්ඡාව ඊයේ (7) පැවැත්විණ. 

එකිනෙකා සතු වෙනස්කම් නිසි ලෙස හසුරුවා ගැනීම සඳහා අන්‍යෝන්‍ය ගෞරවය සහ අවබෝධයෙන් යුතුව ක්‍රියා කළ යුතු බවත්,  සංවාදය සහ සන්නිවේදනය මෙන්ම දේශපාලන විශ්වාසය තහවුරු කර ඔස්ට්‍රේලියාව සමඟ කටයුතු කිරීමට චීනය සූදානමින් පසුවන බවත් චීන අගමැතිවරයා මෙහිදී කියාසිටියේය.

 චීන-ඔස්ට්‍රේලියානු සහයෝගිතාවට දැවැන්ත විභවයක් පවතී.  ආර්ථික නීති සහ වෙළඳපොළ මූලධර්ම අනුගමනය කරමින්, බලශක්තිය සහ පතල් කැණීම වැනි සාම්ප්‍රදායික ක්ෂේත්‍රවල මෙන්ම හරිත සංවර්ධනය වැනි නැගී එන ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීම සඳහා ද චීනය සූදානම් බව හෙතෙම පැවසීය.  ඩිජිටල් ආර්ථිකය, විද්‍යා හා තාක්‍ෂණික නවෝත්පාදන, සෞඛ්‍ය සහයෝගතා පුළුල් කරමින්, ආර්ථික හා වෙළඳ ප්‍රශ්න දේශපාලනීකරණය කිරීම හා ඒවා ආරක්ෂාව පිළිබඳ සංකල්පයට ඈඳා ගැනීමෙන් වළකින ලෙසත්, ජයග්‍රාහී සංවර්ධනයක් ළඟා කර ගැනීමට සහ කලාපීය සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කරන ලෙසත් චීන අගමැතිවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

 චීනය ඔස්ට්‍රේලියාවේ වැදගත් හවුල්කරුවෙකු බවත්, ඔස්ට්‍රේලියානු-චීන සබඳතා වෙනස්කම්වලින් නිර්වචනය නොකළ යුතු බවත් ඔස්ට්‍රේලියානු අගමැතිවරයා මෙහිදී පැවසීය. එකම චීනය මූලධර්මය ගරු කරන ඔස්ට්‍රේලියාව අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කිරීමටත් වෙළඳ හා ආයෝජන ක්ෂේත්‍රවල සහයෝගිතාව පුළුල් කිරීමටත් සූදානමින් සිටී. විද්‍යාව, තාක්‍ෂණය සහ මානව හුවමාරු මෙන්ම සංවාද ඔස්සේ වෙනස්කම් නිසි ලෙස හසුරුවා ගැනීමට හා දේශගුණික විපර්යාස, ආහාර සුරක්‍ෂිතතාව සහ සංවිධානාත්මක අන්තර්ජාතික අපරාධ වැනි ගෝලීය අභියෝගවලට ඒකාබද්ධව මුහුණ දීමට තම රට කැමැත්තෙන් පසුවන බව ද Anthony Albanese මහතා මෙහිදී කියාසිටියේය.


ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම