චීන ඔස්ට්‍රේලියා සබඳතා වර්ධනයට පියවර
2023-11-08 18:16:43
Share with:

නව ආරම්භක ලක්ෂ්‍යයක සිට චීන-ඔස්ට්‍රේලියා පුළුල් උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාව අඛණ්ඩව වැඩිදියුණු කිරීම සහ සංවර්ධනය කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (8) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese මහතාගේ චීන සංචාරය සම්බන්ධයෙන් Wang Wenbin මහතා පැවසුවේ වසර හතකට පසු ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයෙකු චීනයේ සංචාරයක නිරත වන පළමුවැනි අවස්ථාව මෙය වන අතර, Anthony Albanese මහතා අග්‍රාමාත්‍යවරයා බවට පත්වීමෙන් පසු සිදුකරන පළමු චීන සංචාරය ද මෙය බවයි. මෙම සංචාරයේදී දෙරටේ නායකයින් හමුවී පුළුල් මාතෘකා රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇති අතර ඊට දෙරටේ සහ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් යහපත් ප්‍රතිචාර හිමි විය. දෙරටේ නායකයින් විසින් ඇති කර ගත් වැදගත් එකඟතාවන්ට අනුව, සංවාද සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සහ නව ආරම්භක ලක්ෂ්‍යයක සිට චීන-ඔස්ට්‍රේලියා පුළුල් උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාව අඛණ්ඩව වැඩිදියුණු කිරීම සහ සංවර්ධනය කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය ඕස්ට්‍රේලියාව සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම